මෙහිදී පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් දැනට පවතින විෂය මාලාවන් සහ ඉගැන්වීම් ක්‍රමවේදයන් සංශෝධනය සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් දැක්වීය.
ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ ප්‍රවේශය ඉහළ සිට පහළට යැවීමක් නොව, පහළ සිට ඉහලට ගලා ඒමක් බැවින් තීරණ ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදාළ සියලු ම පාර්ශවයන් සමඟ උපදේශන ලබාගැනීමේ වැඩසටහන් සහ ප්‍රතිචාර රැස්වීම් පැවැත්වීම අතිශයින් ම වැදගත් බව අමාත්‍යවරයා විසින් මෙහි දී ප්‍රකාශ කළේය.
විෂය අන්තර්ගතයන් හා රැකියා අවස්ථා අතර ඇති සබැඳියාවන්, අධ්‍යාපන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවන්වල දී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් තුළට පාර්ශ්වීය ප්‍රෙව්ශයන් ඇතිකිරීම සහ පශ්චාත් කොවිඩ් සමයක ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපන වැඩසටහන් ඉදරියටත් සිදුකිරීම විශාල පිළිගැනීමකට ලක්විය හැකි කරුණක් වන බවත් මෙහි දී සාකච්ඡා විය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ. ජේ.එම් මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්.එම් චාල්ස් යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව හා සම්බන්ධ විය.
දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.