1883 දී ඉදි කළ මෙම නිවසෙහි සෞඛ්‍ය මූර්ති තොන්ඩමාන් සහ ආරුමුගන් තොන්ඩමාන් යන මහත්වරුන් වාසය කළේය. නිවසේ සියලු ගෘහ උපකරණ විනාශ වී ඇති අතර, හානිය මෙතෙක් ගණනය කර නොමැත. ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ, මුරකරු සහ භාරකරු පමණයි. ගින්නට හේතුව සොයා කොත්මලේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.