ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම කණ්ඩායමක් බැවින් ලංකා කම්කරු කොංග්‍රසය ද 2015 ජනාධිපතිවරණයේදී ඒ කඳවුර සමඟම එක්ව සිටි නමුත් නුවර එළිය මස්කෙළිය තමන් ජයග්‍රහණය කළේ ඡන්ද 175000ක් ගනිමින් බව ඔහු කියා සිටියේය.
මෙවර තත්වය ඊටත් වඩා වෙනස් බව පවසමින් ඔහු කියා සිටියේ වතු ජනතාවට ප්‍රජා අයිතිය, ඡන්ද අයිතිය ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියා බැවින් ඒ කළගුණ සලකමින් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා වැඩිම මනාපයෙන් දිනවීමට වතුකරයේ ජනතාව සූදානමින් සිටින බවයි.
මේ වනවිට තමන් වතුකරයේ ජනතාවට විශාල සේවයක් කර ඇති බැවින් පසුගිය වතාවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට තමන්ට හැකියාව පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව තමන් දැනටමත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට නුවර එළියේ රැස්වීම් පැවැත්වීමට හෝ අවශ්‍ය නොවනු ඇති බවයි දිගම්බරම් මහතා සඳහන් කළේ.
පලනි දිගම්බරම් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) හැටන් නීග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.