කළු කොටියාගේ දේහය සංරක්‍ෂණයට (වීඩියෝ)

අගෝ 21, 2020
  • ශ්‍රී පාද රක්‍ෂිතයේ දී මද්දකට හසුවී ජිවිතක්‍ෂයට පත් වූ කළු කොටියාගේ දේහය සංරක්‍ෂණය කිරීමට ජාතික කෞතුකාගාරය පිියවර ගෙන තිබේ.

    එය ලබන මාසය වනවිට මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි. නල්ලතන්නිය, ලක්‍ෂපාන ප්‍රදේශයේදී පසුගිය මැයි 29 වැනිදා මෙම කළු දිවියා දඩයක්කරුවෙකු අටවා තිබූ මද්දකට හසුවී සිටියේය. අනතුරුව පශු වෛද්‍යවරුන් කොටියා නිර්වින්දනය කර මුදාගනු ලැබීය. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත්අතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදීයි කළු දිවියා මියගියේ.

    ඉතා දුර්ලභ වන මෙම දිවියා අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහායි මෙලෙස සංරක්‍ෂණය කෙරෙන්නේ. එම සංරක්‍ෂණ කටයුතු දැකබලා ගැනීම සඳහා වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අද ජාතික කෞතුකාගාරයට පැමිණියේය.

    Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 20:12

    Latest News