සංචාරක ආකර්ෂණය දිනාගත හැකි නව ස්ථාන 2,600ක්

අගෝ 25, 2020

    සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදා නොගත්, එහෙත් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන 2,600ක් අලුතින් හඳුනා ගැනේ.

    ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

    අමාත්‍යවරයා සඳහන් කළේ, ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවේ මෙම ස්ථාන 2,600 සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම සිදු කරන බවයි.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළින් එකවර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණීමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News