ඒ අනුව පෙළපොත් වර්ග 106 කින් එක් කෝටි 38 ලක්ෂ 90,000 ක් මුද්‍රණය කිරීමට නියමිතයි.
ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,093 යි දශම 7 යි එකක්.
එම පෙළපොත් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට නියමිතයි.
තවත් පෙළපොත් වර්ග 294 කින් පිටපත් දෙකෝටි පනස් පන් ලක්ෂ 41,500 ක් ද මුද්‍රණය කිරීමටයි, නියමිතව ඇත්තේ.
එහි වටිනාකම රුපියල් මිලියන 2,059.01ක්. පෙළ පොත් තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීමටයි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත්තේ.