අයථා වාහන ගණුදෙණුවකට නවාස් ෂරීෆ් වරදකරු වේ

සැප් 10, 2020

    අයථා වාහන ගණුදෙණුවක් සම්බන්ධයෙන් පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පකිස්ථාන අධිකරණයක් මගින් වරදකරු බවට පත්වුණා.

    විදේශයන් ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණු සුපිරි පන්තියේ වාහන අයථා ගණුදෙනු ඔස්සේ මිලට ගැනීම හේතුවෙන් ඔහුට එරෙහිව පසුගිය මාර්තු මාසයේදී නඩුවක් ගොණු කිරීමට කටයුතු කර තිබුණා.

    මෙම අයථා ගණුදෙනුවට සම්බන්ධ පකිස්ථාන හිටපු ජනාධිපතිවරයකු වූ අසීෆ් අලි සර්දාරි සහ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යූසුෆ් රාසා ගිලානිට එරෙහිව ද නඩුවක් විභාග වෙමින් පැවති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    කෙසේ නමුත් මෙම අයථා වාහන ගණුදෙනුව හේතුවෙන් එරට භාණ්ඩාගාරයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි එරට අධිකරණය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    මේ වනවිට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ලන්ඩන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වනවා.

    Latest News