අටලුගම සිද්ධියේ 6 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

සැප් 10, 2020

    බණ්ඩාරගම, අටලුගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    අටළුගම ප්‍රදේශයේ ඊයේ දිනයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේ දී ප්‍රදේශවාසීන් පොලීසියට පහරදීමක් සිදුකළා.

    පොලීසිය හෙළිකරගත් තොරතුරුවලට අනුව අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ ගංජා ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනයේ දී සිදුකෙරුණා.

    එහිදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ස්ථානයට රැගෙන යන අතරතුර කිසියම් පිරිසක් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළා.

    එමෙන්ම කාන්තාවන් තුන්දෙනෙකු මෙහෙයුම සඳහා එක්ව සිටි පොලිස් නිලධාරීන්ට ද දැඩි බාධා එල්ල කළා.

    එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ද පොලීසිය අද නිකුත් කළා.

    මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හය දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

    එම සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

    එම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු දහහතරක බාලවයස්කාර දැරියක ද වනවා.

    සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි, අධිකරණය නියෝග කළේ.

    බාලවයස්කාර දැරිය පරිවාස භාරයට යොමුකෙරුණා.

    Latest News