මුදල් ඇමතිගෙන් බදු සහන ගැන පණිවුඩක්

ජන 10, 2019

    දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුම මගින් සටහනක් තබා තිබේ.

    ඒ අනුව රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරෙන බවයි සටහන් කර ඇත්තේ. 

    රාජ්‍ය සුරැකුම්පත් මත ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම මත අය කළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය පළ වෙයි. 2007 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධන යෝජනාවට අනූව, ඊට අනුමැතිය ලැබී තිබේ. ජනතාවට බදු සහන ලබාදීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව සංශෝධන යෝජනා පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ අනූව, වයස අවුරුදු 18ට අඩු ළමයින්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් මත අය කළ රඳවා ගැනීමේ බද්ධ ඉවත් කිරීමට යෝජනා කර ඇත.

    තවදුරටත්, මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කර තිබෙන බවද සටහන් තබා තිබෙනවා.

    කුලී ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද 10% සිට 5%ක් දක්වා අඩුකර තිබෙනවා.

    2019/04/01 දා සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කරන ආදායම් බදු සීමාව 14%ක් දක්වා උපරිමයකට පමණක් බවද පෙන්වා දෙනවා.

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් මත රඳවා ගැනීමේ බදු අය කිරිමේ සීමාව රුපියල් 150000 සිට රුපියල් 300000ක් දක්වා වැඩිකෙරෙනු ඇති.

    ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු තුළ පවත්වාගෙන යන NRFC හා RFC ගණුම් මත අය කළ රදවා ගැනීමෙ බද්ද 2018/11/15 දායින් පසුව ඉවත් කෙරෙනු බවද පෙන්වා දෙනවා.

    විදේශ ඉපයීම් ලංකාවට එවීමේදී අයකළ ආදායම් බද්ද 2018/11/15 සිට ඉවත් කෙරෙන බවද සටහන් කර තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 15:33

    Latest News