20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට කමිටුවක්

සැප් 13, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

    කමිටු වාර්තාව, ලබන 15 වැනිදා අග්‍රාමාත්‍යවරයාට බාරදීමට නියමිතයි. කමිටුවේ සභාපතීත්වය දරනු ලබන්නේ, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින්. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එම කමිටුව සමන්විතයි. උදය ගම්මන්පිල, අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස් වියාලේන්ද්‍රන් යන මහත්වරුන් සහ ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද කමිටු සාමාජිකයන් වේ.

    Latest News