කොවිඩ්-19; 2,983 කට පූර්ණ සුවය

සැප් 13, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු පිරිසෙන් 2,983 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටී.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 200 දෙනෙකු පමණි. මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු 26 දෙනෙකු ඊයේ වාර්තා විය. ඉන් 22ක් කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයයි. තවත් 2ක් වාර්තා වූයේ, කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින්. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,983 ක් පූර්ණ සුවය ලබා සිටින අතර, එම ප්‍රතිශතය 93.36ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 6.25ක්. දිවයිනේ මේ දක්වා පීසීආර් පරීක්‍ෂණ දෙලක්‍ෂ 51,792ක් සිදුකර තිබේ. ඊයේ දිනයේ පීසීආර් පරීක්‍ෂණ 1,353ක් සිදු කෙරිණ.

    Latest News