එ.ජා.ප. නව නායකයා තෝරා ගැනීම හෙට

සැප් 13, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ නව නායකයා තෝරා ගැනීමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.

    ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වෙන බව වාර්තාවේ. මීට පෙර ද, අවස්ථා කිහිපයකදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී නව නායකයෙකු තෝරා ගැනීමට සාකච්ජා කළ ද, ඒවා අසාර්ථක විය. කෙසේ වෙතත්, හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තාවේ. මේ වනවිට පක්‍ෂ නායකත්වය සඳහා කිහිප දෙනෙකුම කැමැත්ත පළකර තිබේ.

    අද සති අන්ත ජාතික පුවත්පත්වල ද ඒ පිලිබඳ කරුණු අනාවරණය කර තිබිණ. කරූ ජයසූරිය, වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන් පක්‍ෂ නායකත්වය සටනේ ඉදිරියෙන්ම සිටින බව වාර්තාවේ. නායකයා තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳ තීරණය ගැනීමට නියමිතව ඇත.

    Latest News