වන අලි පැටවා සහ මව කැලයට පලවා හරී

සැප් 13, 2020

    පොළොන්නරුව තලාකොලවැව ග්‍රාමයේ කැලෑරොදක කොටුවී සිටි වන අලි මවක හා පැටවෙකු පලවා හැරීමේ මෙහෙයුමක් මැදිරිගිරිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ සවස ආරම්භ කළේය.

    මෙහෙයුම සඳහා පැය 05ක පමණ කාලයක් ගත විය. සෝමාවතිය ප්‍රදේශයේ සිට රාත්‍රී කාලයට මේ දිනවල වන අලි ගම් වඳී. ඊට හේතුවී ඇත්තේ, වී අස්වැන්න නෙලීමයි. පල්ලියගොඩැල්ල, තලාකොලවැව, විජේපුර, පඹුරාන, කුමුදුපුර, යාය-8, මීගස්වැව, වඩිගවැව යන ගම්මානවලට වැඩි වශයෙන් වන අලි තර්ජන එල්ල වී තිබේ. වගා සහ නිවාස හානි සිදුවීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

    Latest News