කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස සිටි ජනතාවට නව නිවාස

සැප් 13, 2020

    අපි හැමෝගේම බලාපොරොත්තුව ලස්සන ගෙයක සතුටින් ජීවත් වෙන්න.

    හිසට හරිහැටි වහලක් නැතිව ගෙදර ඉඩ පහසුකම් නොමැතිව, කෙනෙකුට ඉන්නවට වඩා හොඳ තැනකින් ගෙයක් දොරක් ලැබුනම දැනෙන සතුට දන්නේ ඔවුන් පමණයි. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස සිටි ජනතාවත් එවැනි පිරිසක්.

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස ඉතා අනාරක්‍ෂිත ලෙස ඉදිකර තිබූ නිවාස හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට, දුම්රිය මගීන්ට මෙන්ම දුම්රිය මඟ දෙපස නිවාසවල සිටි ජනතාවටත් දැඩි අවදානමක් ගෙන දුන්නේය.

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ නව විදුලි දුම්රිය මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු වසර ගණනාවක සිට කල් යමින් තිබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව, මේ දුම්රිය මාර්ගයේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව තිබේ.

    මාර්ගය ඉදිවෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර මතයි. විදුලි දුම්රිය මාර්ගය ඉදි කිරීමේ පළමු පියවර ලෙස දුම්රිය මාර්ගය දෙපස ජනතාව ඉවත් කෙරිණ. ඒ වෙනුවට ඔවුන්ට පහසුකම්වලින් යුත් නව නිවසක් හිමිවේ.

    නව ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස ජනතාව ඉවත් කෙරිණ. එම ජනතාවට ලක්හිරු සෙවණ මහල් නිවාස පදිංචියට ලබාදී තිබේ. දැනට පවුල් 70ක් නිවාසවල පදිංචියට ගිහින්. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 280ක්. තවත් නිවාස 100ක් ලබාදීම ආරම්භ කර තිබේ.

    කැලණිවැලි දුම්රිය මාර්ගය ඉවත් කිරීමේ ව්‍යාපෘතිය කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි. ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය සේවය අධීක්‍ෂණය යටතේ මෙය යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දුම්රිය මඟ දෙපස ජීවත් වූ වැඩිහිටියන්ගේ ජිවිතයේ සැදෑ සමය සුව පහසු නිවසක ගෙවා දැමීමට හිමිවනවාත් සමඟ මේ පුංචි දරුවන්ගේ අනාගතය සුබදායී පරිසරයක නිර්මාණය වේවි.

    Latest News