පොඩි ලැසී ඔක්තෝබර් 09 දක්වා තවදුරටත් රිමාන්ඩ්

සැප් 25, 2020

    පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසී“ ඔක්තෝබර් 09 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

    එම නියෝගය ලබා දුන්නේ ඔහුව අද (25) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    එමෙන්ම මෙම සිද්ධියට අදාළව මාකඳුරේ මධුෂ්ගෙන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

    Latest News