මෙරට ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය ප්‍රචලිත කෙරේ

සැප් 25, 2020

    මෙරට පාසල් සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කෙරේ.

    ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව හා නවදිල්ලි කලාප කාර්යාලය එක්ව ජපන් රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහිත ව ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහනේ නිල සමාරම්භය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොළ, ජපන් ශ්‍රී ලංකා තානාපති අකිරා සුගයිමා, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පී එන් මීගහවත්ත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් ආචාර්ය උපාලි සේදර යන මහත්ම මහත්මීන් මෙන් ම සමස්ත පාසල් ප්‍රජාව නියෝජනය කරමින් දීපව්‍යාප්ත ව තෝරාගත් සිසුන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පාසල් සිසුන්, ගුරුවරුන් සහ සමාජයේ ප්‍රතිපත්ති සකස්කරන්නන් මෙන්ම බංගලාදේශය, ඉන්දනීසියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනඥයින් ඒකාබද්ධ වෙමින් ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ තිරසාර අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා පාසල් පද්ධතිය තුළ සහකම්පන ගුණාංග ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවීමයි.

    Latest News