මෝටර් රථයක ගැටුණු යතුරුපැදිකරු මරුට

නොවැ 22, 2020

    තංගල්ල-බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ පොළොම්මාරුව ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

    ඊයේ රාත්‍රී සිදුවූ අනතුරින් ‌පොළොම්මාරුව පදිංචි හේවා කංකානම්ගේ අසිත නමැති අවුරුදු 40ක දෙදරු පියෙක් මියගොස් තිබේ. තංගල්ල සිට බෙලිඅත්ත දෙසට අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරුට, ඒහි වේගය පාලනය කරගැනිමට නොහැකි වීමෙන් යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.

    අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදු කළ මෝටර් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒහි රියදුරු පලාගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

    Latest News