ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහා නායක ධූරයට අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් (වීඩියෝ)

නොවැ 22, 2020
  • ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන්වහන්සේ ඒම නිකායේ අභිනව මහා නායක ධූරයට පත් කර තිබේ.

    අද පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂ කාරක සංඝ සභාවේදී, ඒ්කමතිකව මේ තීරණය ගෙන තිබේ. රාමඤ්ඤ මහා නිකායේ මහනායක අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ අපවත්වීමෙන් පසු මහනායක ධූරය සඳහා අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් තෝරා පත්කර ගැණින.

    උන්වහන්සේ ඒම නිකායේ 14 වැනි මහ නාහිමියන්. අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් මීරිගම-මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ධූරය හොඹවනු ලබයි. 1948 වසරේ අගෝස්තු මස 25 වැනි දින උපත ලැබූ විමල නාහිමියන් 1960 මාර්තු 24 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වී ඇත.

    උන්වහන්සේ කැලණිය සරසවිය ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද 1990 දී ඒම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ. විදෙස් රටවල් රැසක ධර්මදූත සේවාවේ නිරත උන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයට පත්වූයේ, මේ වසරේ සැප්තැම්බර් 25 වැනි දිනයි.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 19:40

    Latest News