ශ්‍රී ලංකාව හිමිවූ තවත් සභාපති ධුරයක්

දෙසැ 18, 2020

    ඉන්දීය සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ උප සභාපති ධුරය, ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

    ඒ 2021 වසරේ සිට 2023 දක්වායි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය සැපයූ මෙම සංගමයේ අමාත්‍යවරුන්ගේ 20 වැනි මණ්ඩල රැස්වීම අන්තර් ජාලය ඔස්සේ ඊයේ පවත්වනු ලැබීය.

    එහි උප සභාපති ධුරය සඳහා වන ශ්‍රී ලංකා අයදුම්පත අනුමත කරනු ලැබීමෙන් පසු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තම රට කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව සියලු සාමාජික රටවලට ස්තූතිය පළ කළේය.

    ඉන්දීය සාගරය,සාම කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කෙරිණ. සංගමයේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමක් එක් රැස් කිරීමටත් අපේක්ෂිතයි.

    ඉන්දීය සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 22 වැනි සැසිවාරය පැවැත්වුණේ,ඉකුත් 15 සහ 16 දිනවලයි.

    ඊට එක් වූ ශ්‍රී ලාංකික දූත පිරිස මෙහෙයවනු ලැබුවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින්.

    Latest News