ගුවන්තොටුපොළ 26 සංචාරකයින්ට විවෘත කෙරේ

දෙසැ 18, 2020

    මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව සංචාරක ක්ෂේත්‍රය යළි ආරම්භ කරන බව ඔහු පෙන්වා දෙයි.

    ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    Latest News