''සේනා'' ආක්‍රමණය සොයන්න ඇමති අම්පාරට

ජන 22, 2019

    රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹු විශේෂයෙන් පීඩාවට පත් ගොව් බිම්හි ගොවීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අම්පාර දිසත්‍රික්කයේ මහඹය, පදියතලාව ප්‍රදේශයන්හි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සව්බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

     

    වාර්ෂික ජාතික බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 19% ක පමණ දායකත්වයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් සැපයෙන බව පැවසූ අමාත්‍යවරයා වැසි ජලය හා වාරි පද්ධතිය කේන්ද්‍ර කොට ගනිමින් හෙක්ටයාර 12,500ක වගා වපසරියක් දිස්ත්‍රික්කය සතුව ඇතැයිද පැවසීය. මින් අපේක්ෂිත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 43,750 ක් පමණ වන බව ද අපේක්ෂික ආදායම රු. මි. 1,700 ක් යැයිද නිරීක්ෂණට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා සේනා දළඹු හානියෙන් වන බලපෑම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාවට ඛනිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, මහඹය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන බණ්ඩාර, කෘෂි පර්යේෂණ නිළධාරි මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    Latest News