මත්පෙති සමග තිදෙනෙකුට මාංචු

ජන 22, 2019

    ප්‍රදේශ රැසක සිදු කළ විමර්ශනවල දී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මත්පෙති 1,700ක පමණ තොගයක් සමග සැකකරුවෙකු තලංගම, පැලවත්ත ප්‍රදේශයේ දී රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදීමෙන් අනතුරුව, අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර, බද්දේගම, ඉදිගස්කැටිය ප්‍රදේශයේ දී මත්ගුලි කිලෝ 25කට අධික ප්‍රමාණයක් තබාගත් සැකකරුවෙකු ද දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය ළග තබාගත් ජර්මන් ජාතික කාන්තාවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සංචාරයක් සඳහා පැමිණ නුවරඑළියේ සිට කොළඹ දක්වා කුලී මෝටර් රථයකින් එමින් සිටිය දී. හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඔවුන් පැමිණි මෝටර් රථය පරීක්ෂා කෙරුණා. ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 08:54

    Latest News