කෙසෙල්ගමු ඔයේ;මැණික් ජාවාරමක් එළියට

ජන 22, 2019

    බගවන්ලාවේ - කෙසෙල්ගමු ඔයේ පිහිටි ගල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

     

    ටිනිසින් වත්ත ප්‍රදේශයෙන් කෙසෙල්ගමුඔයේ ජලය පෞද්ගලික ජල විදුලි බලාගාරයකට රැගෙන යාම සදහා වේල්ලක් ඉදි කර ඇති අතර, එම වේල්ලට පහලින් කෙසෙල්ගමුඔයේ ජලය කිලෝමිටරයක් පමණ පහලට ගලා නොබසින නිසා මෙම ජාවාරම්කරුවන්ට මෙම අනවසර මැණික් ගැරීම ජයටම සිදු කල හැකි බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

    පෞද්ගලික ජල විදුලි බලාගාර වලට ප්‍රධාන ගංගාවක් හරස් කර  විදුලි උත්පාදනයට ජලය ලබා ගැනිමේදි ගගේ ගලා බසිනා ජල ධාරිතාවෙන් 60% පමණ ප්‍රමාණයක් ලබාගෙන 40% ජල ප්‍රමාණය ස්භාවිකව ගගේ ගලා බැසිමට ඉඩ සැලසිය යුතු බවට එම ජල විදුලි බලාගර පවත්වාගෙන යාම සදහා මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා  දී ඇති බලපත්‍ර‍යේ ද සදහන් කර ඇත.

    එම අනවසර මැණික් ගැරීම සිදු කල ඇතැම් ස්ථානවල ගල් යට විශාල උමං ද හාරා ඇති අතර එම මැණික් ගැරීම නිසා විශාල පරිසර හානියක් ද සිදු වි ඇති බව, ප්‍රදේශවාසීන් පවසයි.

     

    Latest News