නීතියට උඩින්ආ ඉබ්බන් රේගු දැලේ

ජන 22, 2019

    නීති විරෝධී ලෙස විනිසුරු මසුන් තොගයක් හා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින්. සිංගප්පූරුවේ සිට පැමිණි සැකකරු ගමන් මලු කිහිපයක සඟවා විදේශීය ජීවී මසුන් 1000ක් පමණ ගෙනවිත් තිබෙනවා. විදේශීය ඉබි පැටව් 50ක් හා කුඩා මඩු පැටව් තොගයක් ද ඒ අතර වනවා. රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා මසුන් තොගය ගෙනවිත් ඇත්තේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින්.

    වැඩිදුර පරීක්ෂණ සඳහා එම තොගය කටුනායක සත්ව නිරෝධ ආයතනය වෙත බාර දී තිබෙනවා. මේ අතර, නීති විරෝධී ලෙස ඩුබායි සිට ගෙන ආ විදේශීය දුම්වැටි කාටූන් 53ක් ද රේගු බාරයට ගැනුණා. නාත්තන්ඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන ආ එම අසුරනවල දුම්වැටි 10,600ක් පමණ අන්තර්ගතයි. රුපියල් ලක්ෂ 6ක් පමණ වන දුම්වැටි තොගය රාජසන්තක කෙරුණා.

    Latest News