මෙරට 'කොවිඩ්-19' පිළිබඳ නවතම තත්වය

දෙසැ 26, 2020

    ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 551 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ‍වෙයි.

    එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 300ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙක් වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 162 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

    අද (26) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 36,077ක්. ඉන් පුද්ගලයින් 27,931 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    මිනුවන්‍ගොඩ ඇඟලුම් කම්හලේ පොකුරේ ආසාදිතයින් 3,059ක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනූව ශ්‍රි ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 39,781ක් වන අතර පුද්ගලයින් 31,338ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,257 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද අදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 771ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    ගතවූ පැය 24 තුල මෙරටින් තවත් එක් කොවිඩ් -19 මරණයක් වාර්තා වී තිබේ. මියගිය පුද්ගලයා අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඒ අනූව මේ වන විට මෙරටින් වාර්තා වන සම්පූර්ණ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 186ක්.

    Latest News