රටේ විනිමය අනුපාතික පාලනයට මහ බැංකුව මැදිහත් වේ

දෙසැ 26, 2020

    විනිමය අනුපාතිකයේ මෑත කාලීනව සිදුවූ උච්චාවචනයන් අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසනවා.

    ඒ අනුව, වෙනත් කි‍්‍රයාමාර්ග අනුගමනය කරන අතරම මෙතැන් සිට දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි උච්චාවචනය පාලනය කිරීමට සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බවයි, ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

    මෙම කි‍්‍රයාමාර්ග සහ අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ විනිමය අනුපාතිකය ඉතුත් නොවැම්බර් මාසයේ නිරීක්ෂණය කළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු මට්ටමකට අති ප‍්‍රමාණය වනු ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා.

    ශී‍්‍ර ලංකාවේ නිල සංචිත ප‍්‍රමාණය ප‍්‍රමාණවත් මට්ටමක පවතින බවයි, මහ බැංකුව අවධාරණය කරන්නේ.

    Latest News