"ඉ ඉඩම්" මෘදුකාංගය හඳුන්වා දෙයි

ජන 04, 2021

    ඒකාබද්ධ‍ දේපල කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ "ඉ ඉඩම්" මෘදුකාංගය අද හඳුන්වා දෙනු ලැබීය.

    පරිගණක ගත කිරීමේ වැඩසටහන යටතේ, ලේඛණ ලියාපදිංචි කිරීම හා නිරවද්‍යභාවය තහවුරු කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. කාර්යක්‍ෂම සේවාවක් සැපයීමටත්, ලේඛණවල සුරක්‍ෂිතතාව තහවුරු කිරීමටත් මෙමගින් අපේක්‍ෂිතයි.

    මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ නොතාරිස්වරුන් ලියා සහතික කරන ලද නෛතික ලේඛණ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල තබා ඇති ලියාපදිංචි කිරීමේ දිනපොතට ඇතුළත් කිරීමයි. පසුව ඒවා නිලධාරීන් ලවා අදාළ වෙළුම්වල නිසි පත්ඉරුවල අතින් සටහන් තබා ලියාපදිංචි කිරීම මෙතෙක් පැවති ක්‍රමවේදයයි. ඒ වෙනුවටයි, නව මෘදුකාංගය ඔස්සේ ලියාපදිංචිය ආරම්භ කෙරුණේ.

    නොතාරිස්වරුන්ගේ සහතිකය මත ලියාපදිංචියට ලැබෙන ලේඛණ, මෘදුකාංගයෙන් දිනපොතට බාරගැනීම සහ ලියාපදිංචි කිරීම මෙන්ම යළි නිකුත් කිරීම පරිගණකගත කිරීම අද සිදු කෙරිණ. ඒ කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී. රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

    Latest News