නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ජන 04, 2021

    රුපියල් මිලියන 135ක වියදමින් ඉදි කෙරුණු නාගරික වන උද්‍යානය "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යථාර්තයට පත් කළ ව්‍යාපෘතියක්.

    කොළඹ ගාලු මුවදොර බාලදක්‍ෂ මාවතේ පිහිටි එමගින් දැකුම්කළු පරිසරයක් නිර්මාණය කෙරේ. ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේයි සිදු කෙරිණ.

    ව්‍යාපෘතිය පසුගිය 30 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණ. විවේකය හා විනෝදාස්වාදය ලබා ගැනීමේ අරමුනින් ඉදි කෙරුණු උද්‍යානයට ජල උද්‍යානයක් හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් ඇතුළත්.

    කොළඹ නගරය හරිත නගරයක් ලෙස ගොඩ නැවීමටයි රජය සැලසුම් කර ඇත්තේ. ඒ අනුවයි ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබුවේ. දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරයක් වන කොළඹ නාගරික අලංකරණයට ආර්ථික වටිනාකම් එක් කිරීම ව්‍යාපෘතියේ තවත් අරමුණක්.

    එය "නියමු ව්‍යාපෘතියක්" ලෙස ඉදි කර ඇත. අක්කර දෙකක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානයේ ඉදිකිරීම් සිදු කෙරෙන්නේ අදියර 03ක් යටතේ. ඉදිකිරීම් මාස 5 වැනි කෙටි කාලයකින් නිම කෙරිණ. ව්‍යාපෘති නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය සිදු කළේ, නාගරික සංවර්ධන අධිකාරියයි. ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

    Latest News