ජාතික රෝහල කොළඹ, උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙක, හෝමාගම, මුල්ලේරියාව සහ අයිඩීඑච් රෝහල යන රෝහල් 6 මේ සඳහා යොදා ගැනේ.
ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කෙසේ වෙතත් එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හදුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ්(AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායි හි “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලට ළගා විය.
ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි.එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත. සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබේ.