පමණ ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි

පෙබ 18, 2021

    ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පවසයි.

    අදාළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවයද තාවකාලිකව අත්හිටු වීමට පියවර ගත් බව චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් කීය.

    කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබා දී තිබේ.

    එම උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී තිබුණ.

    Latest News