16ක් රෝහලට යැවූ මින්නේරිය බස් රථ අනතුර

ජන 29, 2025
    හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්රදේශයේ දී අද 29 උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

     

    අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
    තුවාලකරුවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් ද සිටින බව වාර්තා වෙයි.
     
    පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්රදේශයේ අවමංගල්ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලික බස් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසියට සැක පළ කරයි.

    Latest News