භික්ෂූන්වහන්සේලාට කොවිඩ් එන්නත දීම මහනුවරින්....

පෙබ 20, 2021

    භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද (20) ආරම්භ කරනු ලැබේ. පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

    Latest News