බාලදක්‍ෂ සංගමය දීප ව්‍යාප්තව සංවිධාන කෙරේ

පෙබ 21, 2021

    දරුවන් තුළ කණ්ඩායම් හැඟීම සහ කම්පනය සහ සංහිඳියාව ඇති කිරීමට බාලදක්‍ෂ ව්‍යාපාරය අද්විතීය කාර්ය භාරයක් ඉටුකරන බව, අමාතය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, ජිවිතයේ අභියෝගවලට මුහුණදීමට එමගින් ළමා කාලයේදීම ශක්තිමත් අඩිතාලමක් සකස් කෙරෙන බවයි. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ දරුවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුනින් ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය දීප ව්‍යාප්තව සංවිධාන කරන වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවයට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    උත්සවය පැවැත්වුණේ කොළඹ දී. ආසියානු ශාන්තිකර කලාපය වැඩසටහනට අනුග්‍රහය දක්වයි. "දැයේ සියලු දරුවන් පෝතක බාලදක්‍ෂයන් කරමු" තේමාවෙන් වැඩසටහන සංවිධාන කර තිබේ. මෙය ලබන දෙසැම්බර් මස 31 වැනි දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.

    Latest News