ගම්පහ නගරයේ වසා දමා තිබූ සියළු මාර්ග සහ වෙළඳසල් හෙට යළි විවෘත කෙරේ

පෙබ 21, 2021

    කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්‍රිත මාර්ග සහ අවට වෙළඳසල් හෙට ( 22 ) විවෘත කිරීමට පියවර ගන්නා බව, ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසීය.

    මේ අනුව, කොවිඩ් ආසාදිතයින් නොවූ සහ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගැනීමෙන් පසුව නිරෝධායනය අවසන් කළ වෙළඳසල් හිමියන්ට ඔවුන්ගේ වෙළඳසල් හෙට විවෘත කිරීමට අවස්ථාව සැලසෙන බවත් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබන්නන්ගේ වෙළඳසල්, ඔවුන්ගේ නිරෝධායන කාලයෙන් පසුව විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.

    ගම්පහ පොදු වෙළඳපල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු හමුවීම සැළකිල්ලට ගනිමින් පසුගිය 8 සහ 9 දින පොදු වෙළඳපොළ වසා දමමින් නගරයේ මාර්ග කිහිපයක් වසා දැමීමට මහ නගර සභාව සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගනු ලැබීය.

    Latest News