අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

මාර් 11, 2021

    සබරගමුව,බස්නාහිර,වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00න් පසුව ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර,ඌව හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්යෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

    මධ්‍යම,සබරගමුව,ඌව හා බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකියි.

    Latest News