කසකස්ථානයේ සිට 269ක සංචාරකයින් දිවයිනට.

මාර් 11, 2021

    කසකස්ථානයේ අල්මාට් ගුවන්තොටුපලේ සිට අද (11) පෙරවරුවේ කසකස්ථාන සංචාරකයින් 239 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    මේ අතර දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින්ගෙන් 174 දෙනෙකු නැවත යුක්රේනය බලා පිටත් විය. ඒයුක්රේන ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

    ශ්‍රී ලංකාවේ වසංගත තත්වය ද සැලකිල්ලට ගනිමින් සතියකට වරක් අල්මාට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ර ජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය දෙසැම්බර් 28 දින සංචාරකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ආරම්භ විය.

    Latest News