ඔහු පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවේ. රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වූයේ ඔහුට සිව් වසරක සිර දඬුවම් නියමවීම හේතුවෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වීම නිසා මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අජිත් මාන්නප්පෙරුම මහතාට එම මන්ත්‍රී ධූරය හිමිවනු ඇති.
මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප 47,212ක් ලබා ගනිමින් ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට තේරී පත්විය. ඔහු මීට පෙර දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. 2013 වසරේ ජුලි මාසයේ මාන්නප්පෙරුම මහතා පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ මන්ත්‍රීධූරය සඳහා.
2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අජිත් මාන්නප්පෙරුම මහතා ගම්පහ මහ නගර සභාවේ පළමු නගරාධිපතිවරයා ද වේ.