'උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න'..

අප්‍රේ 12, 2021

    උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පොලීසිය ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවයි,ඔහු කියා සිටින්නේ.

    අධිවේගී මාර්ගයේ පුද්ගලයින් කිහිපදෙනෙක් මෝටර් රථයක අපරික්ෂාකාරීව ගමන් කරන ආකාරය පිළිබඳව වීඩියෝජවක් සමාජ මාධ්‍ය තුළ ඊයේ සිට සංසරණය විය.

    ඊට අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි, පොලීසිය පවසන්නේ.

    මේ පිළිබඳව අධිවේගී මාර්ග කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර තිබේ. 

    Latest News