කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරනවා; යුද හමුදාපති

අප්‍රේ 22, 2021

    කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ජනතාව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. කුරුණෑගල තිත්තවැල්ගාල ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 163 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සිදු කළ පීසීආර් පරීක්‍ෂණ 729කින් ඔවුන් හඳුනා ගැණින. මේ වනවිට එම ප්‍රදේශයේ පවුල් 414ක 1,359ක් ස්වයං නිරෝධායනයේ පසුවේ.

    ගනේවත්ත, නීරාවිය ග්‍රාමසේවා වසමේ, හංගමුවවත්ත, ගල්ගමුගල, පාලුගමවත්ත යන ප්‍ර දේශ සහ නිකදලුපොත ග්‍රාම නිලධාරි වසමට අයත් දොඩම්වටවන යන ප්‍ර දේශයට සංචරණ සීමා පනවා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 20:31

    Latest News