නිදහසක් නැහෑ... අැත්තෙ සුදු හොල්මන්

පෙබ 04, 2019

    වසර 71 ක් රටේ සෙසු ජනතාව මෙන්ම ආදිවාසී ජනතාව සමරන්නේ නිදහසක් නැති නිදහස් දිනයක් බව ආදි වාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූහ.

    තම වරිගේ අයට නිදහස උදාවන්නේ පාරම්පරික උරුම අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කරන්න හැකිවූ දිනක බව ඔහු කියා සිටි. රැහේ පිරිසක් සමග එකව බදුල්ලේ පැවැත්වූ මාධ්‍ය හමුවදි ආදි වාසී නායකයාමේ බව කියා සිටියේය.

    වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ “අද රටපුරා 71 වන නිදහස සමරණ කොට මගේ වයසත් අවුරුදු 71 යි. රටපුරා නිදහස් උත්සව පවත්වමින් නිදහස කියා සැමරුවාට කාටවත් තවම නිදහසක් නැහැ. ඌව වෙල්ලස්ස හා වෙනත් ප්‍රදේශවලදි විදේශීය ආධිපත්‍යයට විරුද්ධව කැරැලි ගැසිමේදී ආදිවාසී මුතුන් මිත්ත්තෝ සටන් බිමට වැදී විශාල කාර්ය භාරයක් ඉටුකල බව ඉතිහාසයේ සදහන් වෙනවා.

    අපේ ඇත්තෝ සමහර මේ සටන් වලදී විශාල ප්‍රමාණයක් මියගියා සමහරු දැඩි පිඩාවන්ට පත්උනා. රටට ආර්ථික නිදහස ලැබුනත් අපට මේ දක්වා කිසි සාධාරණයක් ඉටු උනේ නැහැ. රැහේ සම්ප්‍රදාය අනුව ජීවත්වීමට පවා නිදහස නැහැ.

    අපේ පරම්පරාවට වසර 37000 ක ඉතිහාසයක් තියෙනවා. එහෙත් අපේ පාරම්පරික උරුමය පවා උදුරාගෙන තිබෙනවා. වනාන්තරේ නිදහසේ ජීවත්වෙන්න, පාරම්පරික ජීවනෝපාය අනුව ජීවත්වෙන්න, සංස්කෘතියට අනුව ජීවත්වෙන්න, තවමත් අපට නිදහසක් උදාවෙලා නැහැ.

    තවමත් පවතින්නේ යටතේ විජිත කාලයේ නීතිරීති තවමත් සුදු හොල්මන් පවතිනවා. මේ සියලු ආධිපත්‍යයන් නැතිවු දවසක තමයි නියම නිදහස සැමරීමට හැකි වන්නේ එවන් දිනක් උදාවෙනකම් බලාසිටිනවා යැයිද ආදිවාසී නායකයා පැවසීය .

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 20:11

    Latest News