මාදම්පේ අනතුරකින් 7කට තුවාල(ඡායාරූප)

පෙබ 05, 2019

    හලාවත, කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේ දී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

    ඔවුන් හලාවත මහ රෝහලට ඇතුළත් කෙරිණ. කිලිනොච්චියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කරමින් තිබු වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

    කිලිනොච්චියේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථය අනතුර සිදුවනවාත් සමග මාර්ගය මැදට පෙරලී තිබේ. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය. අනතුරෙන් රථ දෙකේම රියදුරන් බරපතල තුවාල ලැබීය. මාදම්පේ පොලීසිය මගින් වැඩිදු විමර්ශන ක්‍රියාත්මකයි.

    Accident5 900px 19 02 05

    Accident1 900px 19 02 05

    Accident 900px 19 02 05

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 08:19

    Latest News