විදේශීය ගිණි අවියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

පෙබ 08, 2019

    ව්‍යපාරිකයෙකු ඝතනය කිරිමට පැමිණී පුද්ගලයින් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් හා ජීව උණ්ඩ සමග ඊයේ(07) සවස සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සීදූව ලියනගේමුල්ල ප‍්‍රදේශයේ රෙදි පිලි ව්‍යපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා තම නිවස බලා යන අතර තුර සැක කරුවන් පැමිණි සුදු පාට වැන් රථය නවතා ගිණි අවිය හිසට තබා බියවද්දා ඇති අතර අසල සිටි පුද්ගලයෙකු සිද්දිය පොලීසිය දැනුවත් කීරිමෙන් පසු පොලීසිය පැමිණ සැක කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි. සිද්දිය සම්බන්දයෙන් සීදූව පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

    Latest News