ශ්‍රී ලංකන්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන ආයතන වල සිදු කළේ යැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දීර්ඝ කෙරේ. මේ වසරේ මැයි 30 වැනි දින දක්වා එය දීර්ඝ කර ඇත. 2018 වසරේ ජනවාරී 31 වැනි දින පිහිටුවන ලද අඳාළ කොමිෂන් සභාවේ නිල කාලය 2019 වර්ෂයේ පෙබරවාරී 15 වැනි දින අවසන් වීමට නියමිතව තිබිණ.