ළමා නිවාසයක දරුවන් 23කට කොවිඩ්

ජූලි 17, 2021

    මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.

    මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. මයුරන් මහතා පවසන්නේ, ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බවයි.

    මේ වන විට ළමා නිවාසය තාවකාලිකව වසා දමා එම පිරිස නිරෝධායනයට යොමුකර තිබේ.

    Latest News