බදියුදීන් නිවසේ ‍සේවය කළ මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයට

ජූලි 19, 2021

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලැබූ මියගිය 16 හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    එම වාර්තාවට අනුව දැරියට ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවටද හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය බදියුදීන් මහතාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනි නැමැති 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කෙරුණු ජූලි මස තුන්වෙනි දිනිය. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඉකුත් පහළොස් වැනි දින මිය ගියා. එම දැරිය ඩයගම ප්‍රදේශයේ තැරැව්කරුවකු මාර්ගයෙන් අදාළ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ගොස් තිබූ බව මේ වන විට හෙළිවී තිබෙනවා. දැරියගේ මරණය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ මව සහ පියා ගෙන් ඊයේ නැවත ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

    Latest News