යහපාලනයේ මධ්‍යම අධිවේගී මාර්ගයට සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)

පෙබ 11, 2019

    මල්වතු-අස්ගිරි අනුනායක හිමිවරු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙති.

    මීරිගම සිට කුරුණෑගල දක්වා වූ එම කොටසෙහි ඉදිකිරීම් සියයට හැටකින් අවසන් වී තිබේ. මේ වසර තුළ එය විවෘත කිරීමට නියමිතයි. නිරීක්‍ෂණ චාරිකාව සඳහා එක්වූයේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි, පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයයි.

    අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ද එම අවස්ථාවට එක්විය. මධ්‍යම අධිවේගී මාර්ගය අදියර හතරකින් සමන්විතයි. මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ මුළු දුර කිලෝ මීටර් 39.29කි. මාර්ගය මංතීරු 4කින් යුක්තයි. දෙවන අදියර සඳහා රුපියල් බිලියන 137ක් වැය කෙරේ. දේශීය බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මෙරට මුල්වරට දේශීය සමාගම් කිහිපයක් මගින් සිදුකිරීම විශේෂත්වයකි.

    මීරිගම උතුර, නාකලගමුව, ධම්බොක්ක, කුරුණෑගල, ගැට්ටුවාන සහ පොතුහැර යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් දෙවන අදියරට අයත්වේ. මාර්ගයට කුළුණු දස දහස් හාරසිය විසි එකක්, පාලම් 12ක්, භූගත පාලම් 34ක්, ගුවන් පාලම් 4ක් සහ පෙට්ටි බෝක්කු 125ක් ද එක්කර තිබේ.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 20:39

    Latest News