කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රජය යාවත්කාලීන නැතැයි ප්‍රකාශකිරීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරිය ,රටේ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්න සඳහා වාර එකොළහක් පමණ පිළිතුරු ලබා දී ඇති බවත් ඊට අමතරව අනෙකුත් අමාත්‍යවරු නැගූ ප්‍රශ්න සඳහා පහළොස්වතාවක් පමණ තමා පිළිතුරු දී ඇති බවද සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරයා විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෑම පාර්ලිමේන්තු සතියක් ආරම්භයේදීම රටේ පවතින කොවිඩ් වංසගත තත්ත්වය පිළිබද යාවත්කාලීන කිරිමක් සිදුකරන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි අතර එම යෝජනාවට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු සතිවල සෑම අගහරුවාදා දිනකම රටේ කොවිඩ් තත්ත්වය පිළිබද වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.