පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙබ 05, 2025
    පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

    අනුව අද පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

    පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 කාලය අග්රාමාත්යවරියගෙන් අසනු ලබන ප්රශ්න සඳහා (ප්රශ්න 4ක්) වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
     
    පෙ.ව. 10.30 පෙ.ව. 11.00 අතර කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා (ප්රශ්න 5ක්) වෙන් කර තිබෙන අතර, පෙ.ව. 11.00 - පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
     
    අනතුරුව පෙ.ව. 11.30 - ප.ව. 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.
     
    ප.ව. 3.30 - ප.ව. 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

    Latest News