ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයට ඇමති කමිටුවක්

අගෝ 10, 2021

    ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

    මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

    ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අධ්‍යනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම එම කමිටුව වෙත පවරා තිබේ.

    Latest News