එන්නත්කරණය තවදුරටත් සාර්ථකයි.....

අගෝ 22, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2602කට ලබාදී තිබේ.

    එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 1218ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 කට සහ එහි දෙවැනි මාත්‍රාව 45,185කට ඊයේ ලබා දී තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් සංඛ්‍යාව 17ක්. එහි දෙවැනි මාත්‍රාව, 1579කට ලබාදී තිබේ.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 45 කට සහ දෙවන මාත්‍රාව 57,608කට ඊයේ ලබා දී ඇත. ඉකුත් දින 7 දී මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 12,60452ක්. එන්නත් මාත්‍රා 1,20449ක් ඊයේ ලබා දී තිබේ.

    Latest News